හැඳින්වීම

සීමාසහිත හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිතිය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පිහිටා ඇත. වයඹ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා කුලියාපිටිය සහකාර සමූපකාර සංවර්ධන කොට්ඨාශය යටතේ ග්‍රාම නිලධාරී වසම් 45 ක් කේන්ද්‍ර කර ගනිමින් ග්‍රාමීය බැංකු හා පාරිභෝගික, සහ ප්‍රජා සේවා සපයන සමූපකාර සමිතියකි.

සමිතියේ ව්‍යාපාරික සම්පත්

• කෝප්සිටි       01

• මිණි කෝප්සිටි     05

• ප්‍රාදේශික       01

• තොග ගබඩා     01

• ග්‍රාමීය බැංකු ශාඛා       09

• මල් ශාලා           01

• සන්නිවේදන සේවා මධ්‍යස්ථාන   01

• නියෝජිත සේවා අංශ      01

අපේ දැක්ම

බල ප්‍රදේශය තුළ, සාමාජික ප්‍රමුඛ ප්‍රජාවට වැඩිම වාසි අත්කර දෙන ශක්තිමත් හා ආදර්ශමත් සමුපකාර මුල්‍ය සංවිධානය බවට වීම.

අපේ පරමාර්ථ

සී/ස.හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිති බල ප්‍රදේශයේ සාමාජිකයන්ගේ ආර්ථික , සාමාජික හා සංස්කෘතික සංවර්ධනයේ ප්‍රබල දායකත්වයක් ලබා දීමත්, සේවකයින්ට යහපත් ජීවන රටාවක් ඇති කර ගැනීමටත්, හැකි වන පරිදි මනා පෞරෂත්වයකින් ආර්ථික වශයෙන් ශක්තිමත් හා ආදර්ශමත් විවිධ සේවා සමුපකාර සමිතියක් බිහි කිරීම..

අපේ මෙහෙවර

සාමාජිකයා කෙරෙහි ප්‍රමුඛතාවයක් ලබා දෙමින් සමිති බල ප්‍රදේශය තුළ , ජනතාවගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික කටයුතු සංවර්ධනය කෙරෙහි බලපාන පාරිභෝගික ග්‍රාමීය බැංකු නිෂ්පාදන ප්‍රවාහන හා අධ්‍යාපන ආදී විවිධ අංශ අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි අයුරින් ගුණාත්මක හා ඵලදායි අන්දමින් කඩිනම් කාර්යක්ෂමතා වර්ධනයක් ඇති කිරීමත් ඒ සදහා දිරිමත් වු ඇපකැපවන සේවක කණ්ඩායමකගේ සහයෝගයෙන් ආදර්ශමත් සමුපකාර සමිතියක් බිහි කිරීම.

අපේ අරමුණු

* සී/ස.හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිතිය කාර්යක්ෂම හා ඵලදායි ආයතනයක් බවට පත් කිරීම.

* සමිතියේ සාමාජිකත්වයේ පුළුල් සහභාගිත්වයක් ඇති කරමින්, සමූපකාර සමිතිය ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් බවට පත් කිරීම.

* අඩු ආදායම්ලාභී සාමාජික පවුල් වල ඵලදායිතාවය නංවාලීම සදහා පවුල් වල සෞඛ්‍ය හා පෝෂණ තත්වය වර්ධනය කිරීම.

* සමිතියේ පොදු අරමුණු ඉටු කර ගැනීම සදහා වන මානව සම්පත් කාර්යක්ෂම හා ඵලදායි පිරිසක් බවට පත් කිරීම.

* සමුපකාරයෙන් සමාජයට ඉටු විය යුතු සමාජ මෙහෙවර ඉටු කිරිම සදහා ප්‍රජා සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.

* සාමාජිකයන් සදහා මංගල, අවමංගල අවස්ථා වල දී සහන ක්‍රමයට එම සේවා ඉටු කර දීම.

* සේවක සුභ සිද්ධිය උදෙසා ලාභය පදනම් කර ගෙන සුභ සාධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.

අධ්‍යක්ෂ මණ්ඩලය

ගරු සභාපති

ගරු උපසභාපති



ගරු අධ්‍යක්ෂක

ගරු අධ්‍යක්ෂක

ගරු අධ්‍යක්ෂක



ගරු අධ්‍යක්ෂක

ගරු අධ්‍යක්ෂක

විධායක නිලධාරී මණ්ඩලය

ප්‍රධාන විධායක නිලධාරී
ඒ.එම්.වි.සනත් අත්තනායක මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(බැංකු)
ඩී.ඩී.සමරසිරි ගුණවර්ධන මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය)
ඩබ්.එම්.ශෂිකලා සුමුදුමාලි වාසල මිය
තොරතුරු තාක්ෂණ කළමනාකරු
බී.එම්.චාමර උදය බණ්ඩාර මහතා




මානව සම්පත් සංවර්ධන කළමනාකරු
ඩබ්.ආර්.මදුමතී පමේලා පතිරණ මිය

අභ්‍යන්තර විගණක (ග්‍රාමීය බැංකු)

බී.කේ.සාගරිකා දසනායක මිය
අලෙවි සංවර්ධන කළමණාකරු(වැ.බ.)
ඒ.එම්.ගීතා ප්‍රියංගනී අමරතුංග මිය
කළමනාකරණ සහකාර අධි ශ්‍රේණිය

එච්.පී.එම්. නිමල්සිරි කුමාරතුංග මහතා